ජීවිතයේ අන්තිම කැමැත්ත සඳහා ඉන්දියාවෙන් අවසර


අතිශය අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන රෝගීන් ඉලක්ක කරමින් යමෙකුට තම ජීවිතය සම්බන්ධයෙන් අන්තිම කැමති පත්‍රයක් ලබාගැනීමට ඉන්දීය අධිකරණය අවස්ථාව ලබාදී තිබේ.

එනම්, යම් අසාධ්‍ය රෝගියෙකු වෙනුවෙන් තවදුරටත් ලබාදෙන වෛද්‍ය ප්‍රතිකාර නවතා දැමීමට මෙහිදී අවකාශය ලැබෙන අතර, එය දැඩි නිර්දේශ මත සිදුවන්නක් බව කියැවෙයි.

යම් අසාධ්‍ය රෝගියෙකු දීර්ඝ කාලීනව ලබන වේදනාවෙන් ඔවුන්ට මිදීමට අවස්ථාව ලබාදීම මෙහි මූලික අරමුණ බව නීතීඥයන් තර්ක කර තිබේ.

යමෙකු අසාධ්‍ය තත්ත්වයකට පත්වූයේ නම් ඔහු හෝ ඇයගේ අවසන් අවස්ථාවේදී ප්‍රතිකාර සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙම අන්තිම කැමති පත්‍රය සකස් වෙයි.

ගෞරවාන්විත මරණයක් තමන් වෙත උරුම කරගැනීම මනුෂ්‍යයන්ගේ මූලික අයිතිවාසිකමක් බවද ඉන්දීය නීතීඥයන් තර්ක කර ඇති අතර, රෝහල් තුළ වෛද්‍ය විද්‍යාව දියුණු කාලයේ බොහෝ කාලයක් කෘත්‍රිමව රෝගියෙකු ජීවත්කරවමින් ඔවුන්ගේ රෝහල් බිල් අහස උසට යැවීමට වඩා මෙය වඩාත් යෝග්‍ය තීරණයක් බවද පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්, ඉන්දීය සමාජය තුළ මෙම තීරණය ලබාගැනීම බොහෝ ප්‍රමාද කෙරුණු අතර, ආගමික මතයන් අනුවද තමාගේ දිවි තොරකර ගැනීමට යමෙකු පෙළඹවීම හෝ තමා විසින්ම ඊට අනුබල ලබාදීමද මනුෂ්‍ය ඝාතනයකට සහාය වීමකි.

1_India

 



Recommended Articles