ජීවමාන ස්පර්ශයක් ලබාදෙන ප්‍රථම යාන්ත්‍රික හස්තය නිමවේ


මිනිස් ශරීරයට දැනෙන ආකාරයේ ජීවමාන ස්පර්ශයක් ලැබිය හැකි යාන්ත්‍රික හස්තයක් නිර්මාණය කිරීමට විද්‍යාඥයන් සමත්ව තිබේ.

මෙම යාන්ත්‍රික හස්තය සවිකර තිබෙන්නේ එක් අතක් අහිමි වූ ඩෙන්මාර්ක ජාතිකයෙකු වෙතය. ඉතාලියේදී සිදුකෙරුණු ශල්‍ය කර්මයකදී එම පුද්ගලයාගේ අතේ ඉහළ කොටසේ ස්නායු පද්ධතිය සමග මෙම යාන්ත්‍රික හස්තය සම්බන්ධ කර තිබේ.

ඩෙනිස් ආබෝ නම් වූ මේ තැනැත්තාට මීට දශයකයකට පමණ පෙර සිය වම් අත අහිමිවී තිබුනේ ගිනිකෙලි අනතුරක් හේතුවෙනි. ඔහු පවසන්නේ තමන්ට ලැබුණු මේ අලුත් හස්තය විස්මිත නිමැවුමක් බවය.

යාන්ත්‍රික හස්තය සම්බන්ධ කිරීමේ ශල්‍ය කර්මය සඳහා ජාත්‍යන්තර තලයේ කණ්ඩායමක් සහභාගි වී ඇති අතර, ඊට ඉතාලිය, ජර්මනිය හා ස්විට්සර්ලන්තය යන රටවල රොබෝ තාක්ෂණික විශේෂඥයන් ඇතුළත්ව සිටි බව කියැවෙයි. 



Recommended Articles