ජිහාඩ් පියෙකු බලෙන් රඳවාගත් දරුවෙක් රහසිගත මෙහෙයුමකින් බේරාගැනේ


ජිහාඩ් අන්තවාදී පියා විසින් මාස 5ක කාලයක් රඳවාගත් 8 හැවිරිදි කොසෝවෝ දරුවෙකු රහසිගත මෙහෙයුමකින් නැවත සිය මව වෙත ලබාදීමට හැකියාව ලැබී ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.

කොසෝවෝ අගමැති හෂීම් තාසි පවසන්නේ එරට බුද්ධි අංශය විසින් තුර්කි බුද්ධි අංශවලද සාහායෙන් මෙම දරුවා බේරාගැනීමට සමත් වූ බවයි.

එය අතිශය බැරෑරුම් හා භයානක මෙහෙයුමක් බව අගමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

මේ වනවිට කොසෝවෝ ජාතිකයන් 200ක් පමණ ඉරාකයේ හා සිරියාවේ ජිහාඩ් අන්තවාදීන් සමග එකතුව සිටින බවට තොරතුරු පවතී.



Recommended Articles