හින්දු කාන්තාවන් නොමග යවා ඔවුන් ඉස්ලාම් දහමට හරවා ගැනීමේ කුමන්ත්‍රණයක් ඉන්දියාවේ මුස්ලිම් පුරුෂයන් යෙදී ඇති බවට එරට හින්දු සංවිධාන චෝදනා කර තිබේ.
බී.බී.සී.ය වාර්තා කරන ආකාරයට මෙම සංවිධාන විසින් මෙම තත්ත්වය හඳුන්වා ඇත්තේ ජිහාඩ් ප්‍රේමය නමිනි.
මුස්ලිම් පුරුෂයෙකු සමග විවාහ වූ හින්දු තරුණියකගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ඇය සිය පියාගේ භාරයෙන් නිදහස් කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නියෝග කර තිබුණි.
ලබ්ධීන් දෙකක පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවූ මෙම විවාහය කෙරළ අධිකරණයක් විසින් මීට පෙර අවලංගු කර තිබුණි.
කෙසේ වෙතත්, විවාහ වීමට පෙර අඛිලා අසෝකන් නම් වූ, මේ වනවිට හදියා ජහාන් ලෙස සැලකෙන මෙම තරුණියට තවදුරටත් සිය අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට අවසර ලබාදී ඇති ශ්‍රේෂ්ඨාධිකරණය ඇගේ භාරකරු ලෙස පත්කර ඇත්තේ ඇය අධ්‍යාපනය ලබන විද්‍යාලයේ පීඨාධිපතිවරයාය.
කෙසේ වෙතත්, තමාගේ භාරකරු වීමට තම සැමියාට අවස්ථාව ලබාදෙන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා ඇත. නමුත්, මෙම තරුණියට බලහත්කාරයෙන් ඉස්ලාම් දහම වැළඳ ගන්නා ලෙස බල කර ඇතැයි අගේ පියා චෝදනා කර බැවින් කේරල අධිකරණය මෙම විවාහය අවලංගු කර තිබුණි.
නමුත්, එම තීන්දුවට එරෙහිව විවාහක පුරුෂයා ගෙනගිය අභියාචනය සමග සිය කැමැත්ත මත කටයුතු කරන බව මෙම තරුණියද අධිකරණය හමුවේ කියා තිබුණි.
මේ තත්ත්වය තුළ ජනවර්ග අතර සිදුවන විවාහ මෑත යුගයේදී ඉන්දීය දේශපාලනයේ වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් වී ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.