ටයිම්ස් චතුරස්‍රය හා උමං දුම්රිය පද්ධතිය ඇතුළුව ඇමෙරිකාවේ නිව්යෝක් නගරය වෙත 2016 වසරේදී ජිහාඩ් ත්‍රස්තයන් එල්ල කිරීමට ගිය ප්‍රහාර සැලසුමක් අනාවරණය කරගැනීමට FBI බුද්ධි අංශ සමත්ව තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැනේඩියානු පුරවැසිභාවයක් සහිත ඇමෙරිකානුවෙකු, පාකිස්තාන ජාතිකයෙකු හා පිලිපීන ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නාමයෙන් මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බව අනාවරණය වෙයි.
මෙම එක් සැකකරුවෙකු ආරක්ෂක අංශ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමන්ට 9/11 ප්‍රහාරය ආකාරයේ ප්‍රහාරයක් යළි ඇමෙරිකානු භූමිය තුළ එල්ල කිරීමට අවශ්‍ය වූ බවයි.
එහිදී, ඔවුන් මෙම ප්‍රහාරය සැලසුම් කිරීම සඳහා සමාජජාල මාධ්‍ය භාවිත කර ඇති බවද FBI නිලධාරීන් පවසයි.
FBI නිලධාරියෙකු මෙම ත්‍රස්තයන් තිදෙනා සමග IS හිතවාදියෙකු ලෙස සමාජජාල ඔස්සේ සම්බන්ධ වෙමින් බුද්ධි තොරතුරු වාර්තා හෙළි කරගනිමින් ප්‍රහාරයේ සැලසුම අනාවරණය කරගෙන තිබේ.
19 හැවිරිදි අබ්දුල්රහ්මන් එල් බහ්නාසාවේ කැනේඩියානු ජාතිකයා වන අතර, 19 හැවිරිදි ටල්හා හරූන් පාකිස්තාන ජාතිකයෙකු වෙයි. එමෙන්ම, 37 හැවිරිදි රසල් සාලික් පිලිපීන ජාතිකයෙකු බව කියයි.