ජිහාඩ් අන්තවාදයට එරෙහිව අරාබි ලීගයෙන් ඒකාබද්ධ හමුදාවක්


ඒකාබද්ධ ආරබි හමුදාවක් ස්ථාපිත කිරීමට අරාබි ලීගයේ රාජ්‍ය නායකයන් ඊජිප්තුවේදී එකඟත්වයකට පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.

යේමනයේ ඇතිවී තිබෙන වත්මන් අර්බුදය මෙන්ම, ඉරාකය, සිරියාව හා ලිබියාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක ජිහාඩ් අන්තවාදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අරාබි ලීගය මෙසේ රැස්විය.

කෙසේ වෙතත් මෙම ඒකාබද්ධ හමුදාව ඇති කිරීම හා ඒ වෙනුවෙන් හමුදා බඳවා ගැනීම් සිදුකිරීමට මාස කිහිපයක් ගතවිය හැකි බව විශ්ලේෂකයෝ පවසති.

රටවල් 10ක සහභාගීත්වයෙන් යුතු අරාබි ලීගයේ පෙරමුණ සෞදි අරාබිය විසින් උසුලන අතර, ඔවුන් මේ වනවිටත් යේමනයේ කැරලිකරුවන් වෙත ගුවන් ප්‍රහාර අරඹා තිබේ.



Recommended Articles