දෙවියන් විසින් අත්හල යන තේරුම දෙන ටෝරෙග් ජනතාවට අයත් පුද්ගලයෙකු පසුගියදා උතුරුදිග මාලි රාජ්‍යයේදී ඉස්ලාමීය අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුවීමෙන් පසු, ඔහු ගෙල සිඳ ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.
ඔහු සමග තවත් පුද්ගලයන් හතර දෙනෙකුද අන්තවාදීන් විසින් ප්‍රාණ ඇපයට ගත්තත්, එම පුද්ගලයන් සිව් දෙනා පසුව නිදහස් කර තිබේ.
පසුගිය වසරේදී මෙම කලාපයේ සිටින ඉස්ලාමීය අන්තවාදීන් පාලනය කිරීමට ප්‍රංශ හමුදා කටයුතු කළ අතර, මේ වනවිට එක්සත් ජාතීන්ගේ හමුදාව ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව සටන් දියත් කරමින් සිටියි.
අල්කයිඩාවට සම්බන්ධ AQIM නමැති මෙම අන්තවාදීන්ද මේ වනවිට ISIS අන්තවාදීන් අනුව යමින් තම ලබ්ධියට පිටින් යන පුද්ගලයන් ඝාතනය අරඹා ඇති බව පැවසෙයි.