ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වන ඩ්‍රෝන යානයේ සිට ලබාගත් ප්‍රථම ඡායාරූපය ජපාන අභ්‍යවකාශ ඒජන්සිය විසින් මාධ්‍යයට නිකුත් කර තිබේ.
'ඉන්ටර්නල් බෝල් කැමරා' ඩ්‍රෝන යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යවනු ලැබුවේ එහි සේවය කරන ගගනගාමීන්ගේ ඡායාරූප පෘථිවිය වෙත එවීම සඳහාය.
මෙම ඩ්‍රෝන යානයට කිසිදු ගුරුත්වයක් නොමැති පරිසරයක වුවද හොඳින් ක්‍රියාත්මක විය හැකි අතර, එය පෘථිවියේ සිට පාලනය කෙරෙනු ලබයි.
ජපාන වායුගෝලීය පර්යේෂණ ඒජන්සිය පෙන්වා දෙන්නේ පසුගිය ජූනි මස මුලදී මෙය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවුණත්, එහි මුල්ම ඡායාරූප ප්‍රසිද්ධියට පත්කිරීම මෙසේ මුල්වරට සිදුවන බවයි.