ජර්මානු සුපිරි වෙළෙඳ සැල් ප්‍රහාරකයා UAE සංක්‍රමණිකයෙක්


ජර්මනියේ, හැම්බර්ග් නුවර සුපිරි වෙළෙඳ සැලකදී එල්ල වූ පිහි ප්‍රහාරය ඉස්ලාමීය ප්‍රහාරයක් බව අනාවරණය වී තිබේ.

එක් අයෙකුට මරු කැඳවමින් තවත් 06 දෙනෙකුට තුවාල සිදුකළ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධව එක් පුද්ගලයෙකු අත්අඩංගුවට පත්වූ අතර, ඔහු ජිහාඩ් සටන්කාමීයෙකු නොවූවත්, ඉස්ලාමීය සැකකරුවෙකු බව පොලීසිය කියයි.

එමෙන්ම, මෙම ප්‍රහාරකයා තනිව කටයුතු කර ඇති බවත්, පොලීසිය මැදිහත්ව ඔහු අත්අංඩගුවට ගැනීමට පෙර ඔහු වෙළෙඳ සැල තුළ සිටි කිහිප දෙනෙකු වෙතම මාරාන්තික ප්‍රහාර එල්ල කර තිබූ බවත් ජර්මානු මාධ්‍ය අනාවරණය කර තිබුණි.

එඩේකා සුපිරි වෙළෙඳ සැල් ජාලයට අයත් ආයතනයක මෙම ප්‍රහාරය සිදුව තිබූ අතර, මෙය ජර්මනියේ විශාලතම සුපිරි වෙළෙඳ සැල් ජාලය ලෙසද සැලකෙයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සංක්‍රමණිකයෙකු ලෙස ජර්මනියට පැමිණි මොහු එරට සරණාගතභාවය ලබාගැනීමට උත්සාහ කර තිබුණත්, එය ඔහුට හිමිව නොතිබුණි.



Recommended Articles