ජර්මානු සුපිරි වෙළෙඳ සැලක පිහි ප්‍රහාරයක් - අයෙක් මරුට


ජර්මනියේ, හැම්බර්ග් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ සිදුවූ පිහි ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධව එක් පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව ඇති බව පවසන හැම්බර්ග් පොලීසිය මෙය අන්තවාදී ප්‍රහාරයක්ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු කිරීමක් සිදුකර නොමැත.

මෙම ප්‍රහාරකයා තනිව කටයුතු කර ඇති බවත්, පොලීසිය මැදිහත්ව ඔහු අත්අංඩගුවට ගැනීමට පෙර ඔහු වෙළෙඳ සැල තුළ සිටි කිහිප දෙනෙකු වෙතම මාරාන්තික ප්‍රහාර එල්ල කර ඇති බව ජර්මානු මාධ්‍ය පවසයි.

එඩේකා සුපිරි වෙළෙඳ සැල් ජාලයට අයත් ආයතනයක මෙම ප්‍රහාරය සිදුව ඇති අතර, මෙය ජර්මනියේ විශාලතම සුපිරි වෙළෙඳ සැල් ජාලය ලෙසද සැලකෙයි.

ජර්මානු මාධ්‍ය පවසන්නේ මෙය මංකොල්ලයක් සඳහා පැමිණි අයෙකුගේ ක්‍රියාවක් බවටද සැකයක් මතු තිබුණත්, මෑත කාලය තුළ ජර්මනිය, ප්‍රංශය ඇතුළු යුරෝපය ඉලක්ක කරමින් එල්ල වූ මූලධර්මවාදී ජිහාඩ් ප්‍රහාර මාලාවද අමතක කළ නොහැකි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles