ජර්මානු පාපන්දු කණ්ඩායම් ප්‍රහාරයේ සැකකරු අල්ලයි


ජර්මනියේ බොරුසියා ඩෝට්මන්ඩ් පාපන්දු කණ්ඩායම ගමන්ගත් බස් රථයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු ඉස්ලාමීය අන්තවාදියෙකුට වඩා කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුකරුවෙකු බවත්, මෙම කණ්ඩායම ගමන්ගත් බස් රථයට ප්‍රහාරයක් එල්ල කර, එම කණ්ඩායමේ කොටස් මිල පහළ දැමීමේ අරමුණින් ඔහු මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවත් අභිචෝදකයෝ පවසති.

සෙර්ගේජ් ඩබ්. යනුවෙන් පමණක් හඳුන්වා ඇති 28 හැවිරිදි සැකකරු මෙම පාපන්දු කණ්ඩායම රැඳී සිටි හෝටලයේම රැඳී සිටිමින් ඔවුන් ගමන්ගත් මාර්ග පිළිබඳ නිරීක්ෂණයේ පසුවී ඇති බවද අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත්, මෙම බස් රථය ආසන්නයේ එල්ල වූ ප්‍රහාරයෙන් එහි ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබීය.

ඒ අතර ස්පාඤ්ඤ ජාතික පාපන්දු ක්‍රීඩකයෙකු මෙන්ම, පොලිස් නිලධාරියෙකුද විය.

අප්‍රේල් 11 වැනිදා සිදුවූ මෙම ප්‍රහාරය හේතුනේ බොරුසියා ඩෝර්ට්මන්ඩ් කණ්ඩායම හා මොනාකෝ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය දිනකින් කල් දැමුණි.



Recommended Articles