ජර්මානු දුම්රියේ පොරෝ ප්‍රහාරකයා අන්තවාදියෙක්ද?


ප්‍රසිද්ධියේ සිදුකරන පොරෝ පහර හෝ පිහි ඇණුම් සම්බන්ධයෙන් යුරෝපයෙන් වාර්තා වන්නේ නම් බොහෝ විට එය ඉස්ලාම් අන්තවාදී ක්‍රියාවක් බවට විවාදයක් නැත.

නමුත්, පසුගියදා බටහිර ජර්මනියේ ඩුසෙල්ඩොර්ෆ් නගරයේ දුම්රිය ස්ථානයකදී සිදුකළ පොරෝ පහරදීමකින් හත් දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලැබුවත්, මෙය අන්තවාදී ක්‍රියාවක් බවට මෙතෙක් සාක්ෂි හමුවී නොතිබුණි.

ජර්මානු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා මානසික රෝගයකින් පෙළෙන යුගොස්ලාවියානු ජාතිකයෙකු ලෙස මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබුණත්, ඔහු මේ ආකාරයේ පහරදීමක් සිදුකළේ කිසිවෙකුගේ පෙළඹවීමක් මතද, නැත්නම් මේ හා අන්තවාදී ක්‍රියාවක් බද්ධ වී තිබේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොතිබුණි.

මෙම ප්‍රහාරයෙන් කිසිවෙකු ජීවිතක්ෂයට පත්ව නොතිබුණත්, පොරෝ ප්‍රහාරයට ලක්වූ අයෙකුගේ තත්ත්වය බරපලත බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.



Recommended Articles