ජර්මානු ඒකාබද්ධ රජයක් සඳහා සාකච්ඡා සාර්ථකලු


නව ඒකාබද්ධ රජයක් පිහිටුවීම සඳහා ජර්මානු දේශපාලඥයන් පැවැත්වූ තීරණාත්මක සාකච්ඡාව ඵලදායී වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ජර්මනියේ වත්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්ගේ ක්‍රිස්ටියන් ඩිමොක්‍රට්ස් පක්ෂය මෙන්ම, ඔවුන්ගේ හිටපු ඒකාබද්ධ සහකරුවන් වූ සෝෂල් ඩිමොක්‍රට්ස් පක්ෂය මෙම සාකච්ඡාවලදී ප්‍රගතියක් පෙන්වා තිබේ.

පිටු 28කින් සමන්විත ඒකාබද්ධ ලියවිල්ල සාකච්ඡා කිරීම සඳහා දේශපාලඥයන් රාත්‍රිය නිදිවරමින් පැය 24ක කාලයක් සාකච්ඡා කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.

අවසන් වශයෙන් සංක්‍රමණික ගැටලුව ඇතුළු ප්‍රධාන සාධක රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබුණි. ඒ අනුව, වසරකට පැමිණෙන සංක්‍රමණිකයන් ප්‍රමාණය ලක්ෂ 2කට සීමා කිරීමට ඔවුන් සැලසුම් කර ඇත.

1_German



Recommended Articles