(UPDATE) දකුණුදිග ජර්මනියේ, A9 අධිවේගී මාර්ගයේදී බස් රථයක් අනතුරට පත්ව, ගිනිගැනීමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
උතුරු බවාරියා ප්‍රදේශයේ, ස්ටැම්බැක් හිදී මෙම බස් රථය ලොරියක ගැටීමෙන් අද (03දා) අනතුර සිදුව ඇති අතර, එහිදී, පුද්ගලයන් 30 දෙනෙකු පමණ ගින්නෙන් දිවි ගලවාගෙන තිබුණත්, ඔවුන්ගෙන් ඇතමෙකු අනතුරින් බරපතල තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
දකුණුදිග ජර්මනියේ අධිවේගී මාර්ගයකදී සංචාරක බස් රථයක් අනතුරට පත්ව ගිනි ගැනීමෙන් පුද්ගලයන් 17ක් පිළිබඳ තොරුතුරු නොමැති බවත්, තවත් 31 දෙනෙකු තුවාල ලබා ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
උතුරු බවාරියා ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, බස් රථය ලොරියක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
මෙම අනතුරින් මගීන් කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර, තවත් පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව සැකකෙරෙයි.
මුදාගැනීමේ හෙලිකොප්ටර් යානා මෙන්ම, ගිලන්රථ ඒ වෙත යවා ඇති අතර, පොලීසිය පවසන පරිදි මෙම අනතුරින් ජීවිතහානි බලාපොරොත්තු විය හැකිය.
මේ වනවිට පොලිසිය විසින් මාර්ගය හරස්කරමින් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහාය සලසා ඇති අතර, අනතුරට පත්වනඅ අවස්ථාවේදී බස් රථයේ මගීන් 46 දෙනෙකු සහ රියදුරන් දෙදෙනෙකු ගමන් කර ඇත.
කෙසේ වෙතත්, මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.