ජර්මනියේ වෑන්රථ ප්‍රහාරයක් පුද්ගල මරණ සහ තුවාල වීම්


බටහිර ජර්මනියේ මුඑන්ස්ටර් නගරයේ පදිකයන් පිරිසක් වෙත වෑන් රථයක් කඩා වැදීමෙන් සිදුව ඇති ප්‍රහාරයකින් පුද්ගලයන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

එමෙන්ම, මෙම ප්‍රහාරයෙන් වෑන් රථයේ රියදුරාද ජීවිතක්ෂයට පත්ව ඇත. කෙසේ වෙතත්, මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, මෙය එම පැරණි නගරයේ වූ කියේපෙන්කර්ල් ප්‍රතිමාව ආසන්නයේදී සිදුව ඇති බවද කියැවෙයි.

නගරයෙන් ජනතාවට මාර්ගවලින් ඉවත්ව සිටින ලෙස පොලීසිය මේ වනවිට උපදෙස් ලබාදී ඇති අතර, විශේෂ ආරක්ෂක කණ්ඩායම් සිද්ධිය වූ ප්‍රදේශයට පිටත් කර යවා තිබේ.

2016 දෙසැම්බර් මාසයේදීද ජර්මනියේ බර්ලීන් නුවර නත්තල් වෙළෙඳ පොළකට කඩා වැදුණු ලොරි රථ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින් භාරගෙන නොතිබුණද, යුරෝපය පුරා සිදුවූ මෙවැනි ප්‍රහාර පිටුපස ඉස්ලාම් රාජ්‍යයේ IS ත්‍රස්තයන් ක්‍රියාත්මක වී තිබුණි.

1_German 2



Recommended Articles