ජර්මනියේ නත්තල් වෙළෙඳ පොළක් අසල බෝම්බයක්


ජර්මනියේ පොට්ස්ඩෑම් නගරයේ නත්තල් වෙළෙඳ පොළක් අසල තිබී බෝම්බයක් සොයාගැනීමට ජර්මානු පොලීසියට හැකිවී තිබේ.

බර්ලීන් නගරයට ගණිකොණ දෙසින් පිහිටි මෙම නගරයේ නත්තල් වෙළෙඳ පොළේ සිටි පිරිස් වහා ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර ඇත.

එමෙන්ම, මෙම බෝම්බය නිශ්ක්‍රිය කිරීමටද පොලීසිය කටයුතු කර ඇති බව ජර්මානු මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ද නත්තල් වෙළෙඳ පොළක් වෙත ට්‍රක් රථයකින් කඩා වැදුණු ජිහාඩ් ත්‍රස්තවාදියෙකු එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

1_German



Recommended Articles