ජර්මනියෙන් මතුවූ බෝම්බයක් නිසා බර්ලීන් වැසියන් ඉවත් කෙරේ


ජර්මනියේ බර්ලින් නගරයෙන් මතුවූ දෙවැනි ලෝක යුද්ධයට අයත් බෝම්බයක් නිශ්ක්‍රීය කිරීම වෙනුවෙන් ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් ඉවත් කිරීමට ජර්මානු බලධාරීන්ට සිදුව තිබේ.

ඒ අනුව, බෝම්බය හමුවූ ඉදිකිරීම් වැඩබිමේ සිට මීටර් 800ක් දුරින් වූ සියලුම ගොඩනැගිලිවල ජීවත් වූ අය තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව, මෙම කලාපයට රජයේ අමාත්‍යාංශ, රෝහලක් මෙන්ම ප්‍රධාන දුම්රිය ස්ථානයක ඇතුළත් වීම නිසා විශාල ජනතාවක් තාවකාලිකව ඉවත් කිරීමට සිදුව තිබේ.

1939 සහ 1945 අතර කාලය තුළ යුද සමයේදී පුපුරා නොගිය දහස් ගණනක් වූ බෝම්බ වරින් වර ජර්මනියෙන් මතුවිය.

කිලෝ ග්‍රෑම් 500ක පමණ බරකින් යුතු බ්‍රිතාන්‍යයන් විසින් හෙළන ලද මෙම බෝම්බයෙන් ක්ෂණිකව හානියක් සිදුවිය හැකි හානියක් බලාපොරොත්තු නොවූවත්, එය ඉතා ඉක්මණින් නිශ්ක්‍රීය කිරීම වඩාත් ආරක්ෂිත පියවර බවට පත්ව තිබේ.

1_German Bomb 2



Recommended Articles