ජර්මනියට පහරදීමට සැරසුණු ජිහාඩ් තරුණයා අත්අඩංගුවට


ජර්මනියේ බර්ලින් නගරයෙහි මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කළ නව යොවුන් වියේ සරණාගත තරුණයෙකු අත්අඩංගුවට ගත් බව බ්‍රැන්ඩන්බර්ග් පොලීසිය පවසයි.

17 හැවිරිදි තරුණයා යුකර්මාර්ක් දිස්ත්‍රික්කයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබූ බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කාර්ල්-හෙයින්ස් ෂ්‍රෝටර් පවසයි.

මේ අතර, බ්‍රැන්ඩන්බර්ග් පොලීසිය පවසන්නේ 2015 වසරේදී සිරියාවේ සිට සරණාගතයෙකු ලෙස ජර්මනියට ඇතුළු වී ඇති මෙම තරුණයා සැබෑ ලෙසම ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කළේද යන්න තවමත් තහවුරු කර නොමැති නිසා ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙන බවයි.

පසුගිය දෙසැම්බර් මාසයේදී ජිහාඩ් අන්තවාදියෙකු විසින් ලොරි රථ ප්‍රහාරයකින් බර්ලීනයේදී සිවිල් වැසියන් 12 දෙනෙකු මරා දැමීය.

එම ප්‍රහාරය ටියුනීසියානු ජාතිකයෙකු වූ අනීස් අමීර් විසින් එල්ල කළේ ජර්මනිය තුළ නත්තල් සිරිය සම්පූර්ණයෙන් බොඳව යන අයුරිනි.

පසුගියදා ජර්මානු පොලීසිය විසින් අත්අඩංගුවට පත් තරුණයා තම දෙමවුපියන්ට සමුගැනීමේ පණිවුඩයක් මෙන්ම, තමන් ජිහාඩ් සමග එක්වීම දැක්වෙන පණිවුඩයක් යැවීම මූලික කරගනිමින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු වට්ස්ඇප් සමාජජාලය භාවිත කරමින් මෙම පණිවුඩ යවා ඇති අතර, ඔහු පිළිබඳ සෝදිසියෙන් සිටි ජර්මානු බුද්ධි අංශ මෙය අනාවරණය කරගෙන තිබේ.



Recommended Articles