ජර්මනියේ, ඩූසල්ඩොෆ් ප්‍රදේශයේදී මගී ප්‍රවාහන දුම්රියක් හා භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
ලැබෙන වාර්තාවන්ට අනුව මීර්බුෂ් ගම්මානය ආසන්නයේදී මෙම දුම්රිය අනතුර සිදුව ඇති අතර, දුම්රියේ සිරවී සිටින කාර්ය මණ්ඩලය ඉන් ඉවතට ගැනීම ප්‍රමුඛ කාර්ය වන බව ගිනි නිවන හමුදාව පවසා තිබේ.
දුම්රිය අනතුර සිදුවන අවස්ථාව්දී මගීන් 150ක් පමණ පිරිසක් එහි ගමන් කරමින් සිට ඇති අතර, මෙම අනතුර සිදුවූ ප්‍රදේශය එරට අධික ජනඝනත්වයක් සිටින ප්‍රදේශයක් ලෙසද සැලකෙයි.