ජපාන අගමැති ෂින්සෝ අබේ තම රජයේ කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් කරමින් ඒ වෙත අලුතින් අමාත්‍යවරින් 5 දෙනෙකු පත්කරගෙන ඇති බවත්, එය ජපාන කැබිනට් මණ්ඩලයේ කාන්තා නියෝජනය වැඩි කිරීමේ අරමුණින් සිදුකළ සංශෝධනයක් බවත් වාර්තා වෙයි.
ඒ අනුව, ජපාන කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ 18 දෙනාගෙන් 7 දෙනෙකුම කාන්තාවන් වන අතර, එය 2001 වසරේදි හිටපු අගමැති ජුනිචිරෝ කොයිසුමිගේ කැබිනට් මණ්ඩලයට සමාන වන බව පැවසෙයි.
අබේ අගමැතිවරයා පවසන්නේ කැබිනට් මණ්ඩලයේ කාන්තා නියෝජනය වැඩිවීම තුළ කාන්තාවන්ගේ දක්ෂතාවයන් හා කුසලතාවයන් එරට ආර්ථිකය වෙත වැඩිපුර ලබාගත හැකි බවයි.
කෙසේ වෙතත්, කැබිනට් මණ්ඩලයේ උප අගමැති හා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ටාරෝ ආසෝ සිය ධුරයේම කටයුතු කරන අතර, විදේශ කටයුතු අමාත්‍ය ෆුමියෝ කිෂිඩාද සිය ධුරයේම කටයුතු කරයි.
නමුත්, ආරක්ෂක අමාත්‍ය සුනෝරි ඔනොදේරා වෙනුවට අකිනෝරි එටෝ එම ධුරයට පත්කර තිබේ.