ජපානයට ගංවතුර තර්ජනයක් ජීවිත හානි හා අතුරුදන් 20ක්


ජපානයට බලපා ඇති දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දහස් ගණනක් පිරිසට සිය නිවාසවලින් ඉවත්වීමට සිදුව තිබේ.

බදාදා (05දා) දිනයේදී පැය 12ක කාලයක් තුළ සෙන්ටිමීටර් 50ක් ඉක්මවන වර්ෂාපතනයක් ලැබීමත් සමග ගංගා පිටාර ගැලීම නිසා ගංවතුර තත්ත්වය හටගෙන තිබූ බව විදෙස් වාර්තා පවසයි.

ජපානයේ නිරිතදිග ක්යුෂු දූපත් මෙම ගංවතුර තර්ජනයට මුහුණදී ඇති අතර, මේ නිසා පුද්ගලයන් 20ක් පමණ අතුරුදන්ව ඇති බවත්, ඒ අතර කුඩා දරුවන්ද සිටින බවත් ජපාන මාධ්‍ය පවසයි.

මුදාගැනීමේ මෙහෙයුම් සඳහා 7,000ක බලකායක් යොදවා ඇති අතර, ඒ සමග පොලීසිය හා හමුදාවද සිටින බවත්, මේ වනවිට ගංවතුරට කොටුවී සිටි 250ක් දෙනා බේරාගැනීමට හැකි වූ බවත් පොලීසිය පවසයි.

ෆුකූකෝ සහ ඔයිටා යන ප්‍රදේශවල ලක්ෂ 4කට ආසන්න පිරිසකට සිය නිවෙස්වලින් ඉවත්වන ලෙස දන්වා තිබේ.



Recommended Articles