ජපානයට ආසන්න මුහුදේ ප්‍රබල භූ කම්පනයක්


ජපානයට දකුණුදිගින් සාගර අභ්‍යන්තරයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයකින් ටෝකියෝ නගරය ඇතුළු නගර කිහිපයක ගොඩනැගිලි දෙදරීමකට ලක්ව තිබේ.

ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන පරිදි රික්ටර් පරිමාණ 7.8ක භූ කම්පනය ටෝකියෝ නුවරින් කිලෝමීටර් 874ක් දුරින් කිලෝමීටර් 660ක් අභ්‍යන්තරයේ ඇති වී තිබේ.

කෙසේ වෙතත්, භූ කම්පනයෙන් ප්‍රබල හානියක් හෝ සුනාමි අනතුරු ඇඟවීමක් සිදුව නොමැති බවද වාර්තා වෙයි.



Recommended Articles