ජපනුන්ගේ තල්මස් දඩයමට එරෙහි අධිකරණ තීන්දුව උද්දාමයට හේතුවේ


ජපානය විසින් ඇන්ටාක්ටිකාවේ සිදුකරන තල්මස් දඩයමට එරෙහිව යුක්තිය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයක් විසින් ලබාදුන් තීන්දුව පිළිබඳව ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය සිය ප්‍රසාදය පළ කර ඇත.

මෙම තල්මසුන් දඩයම කිසිදු ආකාරයක විද්‍යාත්මක පර්යේෂණ වැඩසටහන් වෙනුවෙන් සිදුනොකරන්නක් බව අධිකරණයේ තීන්දුව විය.

මෙම තහනමට පක්ෂපාතී පිරිස් පෙන්වා දෙන්නේ ඔවුන් මෙම තීන්දුවෙන් උද්දාමයට පත්ව සිටින බවයි. කෙසේ වෙතත් ජපානය මෙකී තීන්දුව සම්බන්ධයෙන් හිස නැමුවද, ඒ ගැන අතිශය කණගාටුවන බව පවසා තිබේ.

ඔස්ට්‍රේලියාව මුල් වෙමින් 2010 වසරේදී මෙම නඩුව ඉදිරිපත් කළ අතර, ඊට නවසීලන්තයේද සහාය හිමිවිය. මෙම තල්මස් දඩයම ජපානය විසින් වාණිජ පරමාර්ථයෙන් සිදුවන්නක් බව පෙන්වා දුන්නේය.

මෙම තීන්දුව ප්‍රකාශ කරමින් යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර අධිකරණය පවසා සිටියේ 2005 වසරේ සිට ජපානය ඇන්ටාක්ටික් තල්මසුන් දඩයම් වැඩසටහන යටතේ දුර්ලභ තල්මසුන් 3,600ක් පමණ ඝාතනය කර ඇති බවය.

සාමාන්‍යයෙන් ජපානය සෑම වසරකම තල්මසුන් 1,000ක් පමණ දඩයම් කරන අතර, මෙම තල්මසුන් දඩයම විද්‍යාත්මක පර්යේෂණයන් සඳහා සිදුකරන්නක් ලෙස ඔවුන් හඳුන්වයි.



Recommended Articles