ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩා සමාගමක් මයික්‍රොසොෆ්ට් වෙතට


ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාවක් වන මයින්ක්‍රාෆ්ට් හිමිකාරීත්වය දරණ මොජෑන්ග් සමාගමේ හිමිකාරීත්වය මයික්‍රොසොෆ්ට් විසින් ඇ.ඩො.බිලියන 2.5කට මිලදී ගෙන ඇති බව වාර්තා වෙයි.

මිලියන 54කට වඩා පිටපත් අලෙවි වී ඇති මෙම වීඩියෝ ක්‍රීඩාව ලෙගෝ මාදිලියේ ක්‍රීඩාවක් බව පැවසෙයි.

මයික්‍රොසොෆ්ට් එක්ස්බොක්ස් ප්‍රධානී ෆිල් ස්පෙන්සර් විසින් මෙම ගනුදෙනුව ප්‍රසිද්ධ කර තිබේ.

මේ අතර, එම සමාගමේ ප්‍රාරම්භක සාමාජිකයන් තිදෙනෙකු මේ සමග සමාගම හැරගියත්, ඔවුන් සිය සහෘදයන්ට පවසන්නේ වීඩියෝ ක්‍රීඩාව පෙර පරිදිම ඔවුන් සමග බැඳෙනු ඇති බවයි.



Recommended Articles