ජනපති බලපෑම් ආවොත් ඉවත් වෙනවා - FBI ප්‍රධානී


ඇමෙරිකානු ජනාධිපතිවරණ සමයේදී රුසියානු අතපෙවීමක් සිදුව ඇති බවට කෙරෙන පරීක්ෂණය මතවාදයට එරෙහි පරීක්ෂණයක් හැර ඔවුන් සැබෑ ලෙසම වරදක් කර ඇති බවට කෙරෙන පරීක්ෂණයක් නොවන බවට ජනපති ට්‍රම්ප් විසින් කර ඇති ප්‍රකාශය ඔහු විසින්ම පත්කළ නව FBI අධ්‍යක්ෂවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

&අධ්‍යක්ෂ මුලර් සැබෑ උවමනාවකින් තොරව කටයුතු කළා යැයි මා විශ්වාස කරන්නේ නැහැ* යැයි ඇමෙරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රුසියානු අතපෙවීම ගැන විශේෂ පරීක්ෂණය මෙහෙයවන හිටපු FBI ප්‍රධානියෙකු වන මුවර් සම්බන්ධයෙන් වත්මන් FBI අධ්‍යක්ෂ ක්‍රිස්ටොෆර් ව්‍රෙයි පවසා තිබේ.

50 වැනි වියෙහි පසුවන නව FBI ප්‍රධානියා ඇමෙරිකානු සෙනට් මණ්ඩලය ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් මෙම කරුණු අනාවරණය කර ඇති අතර, යම් ලෙසකින් වත්මන් ජනපති ට්‍රම්ප් විසින් නීතිවිරෝධී ක්‍රියාවකට තමාව පොළඹවා ගැනීමට උත්සාහ කළහොත් තමන් මෙම ධුරයෙන් ඉල්ලා අස්වීමට පසුබට නොවන බවද ඔහු සඳහන් කර ඇත.

මීට පෙර FBI අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කළ ජේම්ස් කොමේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෝෂදර්ශනයට ලක්වූ අතර, ඔහු පසුගිය මැයි 9 වැනිදා ධුරයෙන් ඉවත් කිරීමට ට්‍රම්ප් කටයුතු කළේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් පසුගිය බදාදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ, %මෙය දේශපාලන ඉතිහාසයේ පුදුම සහගත යකුන් ඇල්ලීමක් (සැබෑ උවමනාවකින් තොරව කෙරෙන පරීක්ෂණයක්), කණගාටුයි^ යනුවෙන් පවසා තිබූ අතර, මෙම ට්විටර් පණිවුඩය පිළිබඳව නව FBI අධ්‍යක්ෂවරයා මෙසේ අදහස් දක්වා තිබේ.

කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු සබඳතා පිළිබඳව විශාල කතාබහක් ප්‍රධාන දහරාවේ මාධ්‍ය හරහා මේ වනවිට කතාබහට ලක්කෙරෙයි. ඇමෙරිකානු ජනාධිපතිවරයා නිතර සිහිපත් කරන්නේ මෙම ප්‍රධාන දහරාවේ මාධ්‍ය ව්‍යාජ පුවත් පළ කරමින්, තමන්ගේ න්‍යාය පත්‍රයන් දිග හරින බවයි.



Recommended Articles