ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ලබන ජනවාරි 20 වැනිදා වැඩ භාරගත්තද, තමාගේ ව්‍යාපාරික අධිරාජ්‍යයේ සබඳතා අත්නොහරින බව තේරීපත් නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
ට්‍රම්ප් ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වීමෙන් අනතුරුව, එම බලතල තම ව්‍යාපාරික කටයුතු සඳහා යොදාගැනීම වැළැක්වීම සඳහා ඔහුගේ වත්කම් ඈවර කරන ලෙසට ඩිමොක්‍රැටික් සෙනට් සභිකයෙකු ගෙන ඒමට සැරසෙන යෝජනාවක් පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම මෙසේ පවසා තිබේ.
කෙසේ වෙතත්, මේ ආකාරයෙන් පත්වන ජනාධිපතිවරයාගේ වත්කම් ඈවර කිරීමේ නීතිමය තත්ත්වයක් නොමැති බව විශ්ලේෂකයෝ පවසති. එමෙන්ම, මීට පෙර පත්වූ ජනාධිපතිවරුන්ද යම් යම් ව්‍යාපාරික කටයුතුවල නිරත වී ඇති බවත්, ඔවුන් ඒවා සිය දේශපාලන කටයුතු සමග ඈඳා නොගෙන ඇති බවත් පෙන්වා දෙති.