ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.
විනාඩි පහක් ඇතුළත සිදුවූ පිපිරීම් දෙකක් ලෙස මෙම මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වී ඇති අතර, නගරයේ නැගෙනහිර කැම්පුන්ග් මෙලායූ බස් නැවතුම්පොළ ආසන්නයේදී ඊයේ රාත්‍රී කාලයේ මෙම පිපිරීම් සිදුව තිබේ.
මෙම ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් දෙදෙනාද ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ ආකාරයේ ප්‍රහාර පසුගිය ජනවාරි මාසයේ සිට වරින්වර වාර්තා වූ අතර, එහි පළමු ප්‍රහාරය ලෙස මධ්‍යම ජකාර්තාවේ සිදුවූ වෙඩි තැබීමක් හා බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
එසේ ජනවාරි මාසයේදී ඉන්දුනීසියාවේදී එල්ල වූ ප්‍රහාරය ඉස්ලාම් රාජ්‍යයේ IS ත්‍රස්තයන් විසින් භාරගත් අතර, මෙය ගිනිකොණදිග ආසියාව තුළ එම සංවිධානයේ මෙහෙයවීමෙන් එල්ල වූ ප්‍රථම ප්‍රහාරය ලෙස සඳහන් විය.
ඉන් අනතුරුව ඉන්දුනීසියාව තුළ සිදුවූ සියලු ප්‍රහාර සඳහා ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ සබඳතා පවතින බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබුණි.
කෙසේ වෙතත්, ඉන්දුනීසියානු ආරක්ෂක අංශ නිරන්තර උකුසු ඇස යොමු කරගෙන සිටින නිසා ප්‍රබල ප්‍රහාරයක් එලල් කිරීමේ අවස්ථාව ඔවුන්ට අහිමි වී ඇති බව පෙන්වා දෙන විදෙස් මාධ්‍ය, ඔවුන්ගේ බොහෝ ප්‍රහාර සැලසුම් ව්‍යර්ථ කිරීමට ආරක්ෂක අංශ සමත් වී ඇති බවද සඳහන් කරයි.