චෙන්නායි නගරයේ ගංවතුර ජනජීවිතය අඩාල කරයි


ඉන්දියාවේ චෙන්නායි නගරයට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග මේ වනවිට දැඩි ගංවතුර තත්ත්වයකට නගරය මුහුණදි සිටියි.

මේ තත්ත්වය තුළ චෙන්නායි නගරයේ ගුවන්ගමන්, දුම්රිය ගමන් අත්හිටුවා ඇති අතර, විදුලිබලය ඇණහිටීමෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත්ව තිබේ.

මේ අතර දින දෙකක් පුරා ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට හමුදාව යොදවා ඇති බව ඉන්දීය බලධාරීහු පවසති.

මෙම ගංවතුර තත්ත්වය නිසා ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර, පාසල් හා කාර්යාලද වසා දමා ඇති බව කියැවෙයි.

එමෙන්ම, ගංගා ඉවුරු ආශ්‍රිතව ජීවත්වන ජනතාව ආරක්ෂිත පියවරක් ලෙස එම ස්ථානයන්ගෙන් ඉවත්කළ බවද බලධාරීහු පවසති.

බෙංගාල බොක්කේ වූ කැළඹීම් ස්වභාවයක් මෙම දැඩි වර්ෂාපතනයට හේතුව බව කාලගුණ අංශ කියයි.



Recommended Articles