චීන නායයෑමෙන් දින තුනකට පසු ජීවිතයක් බේරාගැනේ


දකුණුදිග චීනයේ ෂෙන්සෙන්ග් නගරයේ සිදුවූ නායයෑමෙන් දින තුනකට පසුව ගොඩනැගිලි සුන්බුන්වලට යටවී සිටි පුද්ගලයෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට සහන සේවකයන් සමත්ව තිබේ.

පසුගිය ඉරිදා උදෑසන ඇති වූ මෙම නායයෑමෙන් කාර්මික ජනපදයක් වූ එම නගරයේ ගොඩනැගිලි 30ක් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ගියේය.

එහිදී, මෙම හදිසි ආපදාවෙන් පසුව මළ සිරුරු 4ක් සොයාගැනීමට බලධාරීන් සමත්ව සිටියත්, තවදුරටත් පුද්ගලයන් 70කට ආසන්න පිරිසක් අතුරුදන්ව සිටින බවද පැවසෙයි.

පසුගිය දිනවල ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මිනිසාගේ ක්‍රියාකලාපයන් නිසා එකතු වූ විශාල පස් ගොඩැල්ලක් හා ඉදිකිරීම් අපද්‍රව්‍ය මෙම නායයෑමට හේතු වී තිබේ.

මෙම අනතුර සම්බන්ධයෙන් නිල පරීක්ෂණයක් චීන රජය අරඹා තිබේ.



Recommended Articles