චීනයේ ඇමෙරිකානු තානාපති සේවකයෙකුට අසාමාන්‍ය රෝග ලක්ෂණ


චීනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සේවකයෙකු අසාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග අසාමාන්‍ය හඬ හෝ එළි සම්බන්ධයෙන් තම කාර්ය මණ්ඩලයට අවධානයෙන් සිටින ලෙස ඇමෙරිකාව අනතුරු අඟවා තිබේ.

අප්‍රකට හා නොපැදිලි නමුත් අසාමාන්‍ය හඬක් සහ පීඩනයක් මෙම තානාපති නිලධාරියාට දැනී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ පවසා සිටියේ ශබ්දයට සම්බන්ධ සැකකටයුතු ප්‍රහාරයක ඇඟවීමක් මෙහි පැවතිය හැකි බවයි.

වෙළෙඳ යුද්ධයක් හේතුවෙන් ඇමෙරිකානු හා චීන සබඳතා පසුගිය කාලය පුරා යම් දෙදරීමකට ලක්ව තිබීමත් මේ සම්බන්ධයෙන් යම් සැකයක් ඉස්මතු කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

කෙසේ වෙතත්, මෙය දැඩිව සලකා බලන බවත්, නමුදු මේ පිටුපස චීන රජය සිටින බවට තමන් එකහෙලා ප්‍රකාශ නොකරන බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

1_China



Recommended Articles