චීන ආක්‍රමණයට එරෙහිව භික්ෂුණියක් සිරුරට ගිනි තබාගනී


ටිබෙට් දේශය තුළ චින පාලනයට එරෙහිව ටිබෙට් භික්ෂුණියක් සිය සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකර ගෙන ඇති බව එරටින් වාර්තා වෙයි.

මේ ආකාරයෙන් ටිබෙටයේ චීන ආක්‍රමණයට එරෙහිව වරින්වර භික්ෂූන් හා භික්ෂුණියන් තම සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකර ගත් පුවත් මීට පෙරත් අවස්ථා කිහිපයකදීම වාර්තා විය.

සිචුආන් පළාතේ පිහිටි බෞද්ධ ආරාමයට පිටතදී මෙම ගිනි තබා ගැනීම සිදුව ඇති අතර, ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමාට නැවත පැමිණෙන ලෙස ඉල්ලා සිටිමින් මෙම ගිනි තබාගැනීම සිදුව ඇත.

පොලීසිය පැමිණ ගින්න නිවා දැමීමට සමත් වුවත් ඒ වනවිටත් එම භික්ෂුණිය ජීවිතයෙන් සමුගෙන තිබූ බව වැඩිදුරටත් පැවසෙයි.



Recommended Articles