චීනය විසින් ත්‍රස්තවාදයට එරෙහි දැඩි නීතියක් සම්මත කරමින් මේ වනවිට පැන නැගෙමින් පවතින ත්‍රස්ත ක්‍රියා මැඬපැවැත්වීමේ මූලික පියවර තබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
චීන ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් ඊයේ (27දා) මෙම නීතිය සම්මත කර ඇති අතර, මේ ඔස්සේ අසීමිත බලතල සහිතව නව ප්‍රති-ත්‍රස්ත ඒජන්සියක් සහ ආරක්ෂක බලකායක් ස්ථාපිත කිරීමටද නියමිතය.
කෙසේ වෙතත් මෙම නීති සම්පාදනය වඩා පුළුල් පරාසයක් පුරා පැතිර යන බැවින් විරුද්ධ මතධාරීන් හා ආගමික සුළුතර කොටස්වලට එරෙහිවද මෙම නීතිය ක්‍රියාත්මක විය හැකි බවට බටහිර ගැති මාධ්‍ය විසින් හුවා දක්වා තිබේ.