චීනයේ ෂින්ජියෑන්ග් බස් නැවතුමකදී පිහි පහර


චීනයේ ෂින්ජියෑන්ග් පළාතේ බස් නැවතුමක සිටි පිරිසකට මන්නා පිහියක් අතින් ගත් අයෙකු පිහි පහර එල්ල කිරීම හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

එහි අගනගරය ලෙස සැලනෙ උරුම්කි හිදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ පසුගිය සඳුදා රාත්‍රියේදීය.

කෙසේ වෙතත් ප්‍රහාරයට පැමිණි පුද්ගලයාගේ අනන්‍යතාව හෙළි කර නොමැති බවද වාර්තා වෙයි.

මධ්‍යම ආසියාවට මායිම් වී ඇති ෂින්ජියෑන්ග් හි වෙසෙන ඉස්ලාමීය අන්තවාදීන් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට විශ්වාස කෙරෙයි.



Recommended Articles