(UPDATE) නිරිතදිග චීනයට බලපෑ දරුණු නායයෑමෙන් අතුරුදන් පිරිස 140 දක්වා වැඩි වී ඇති බවත්, මෙම ඛේදවාචකයෙන් මියගිය පිරිස අති විශාල විය හැකි බවත් චීන මාධ්‍ය අනාවරණය කරයි.
නිරිතදිග චීනයේ, සීෂුවාන් පළාතේ සිදුවූ දරුණු නායයෑමකින් පුද්ගලයන් 100කට වැඩි පිරිසකට දිවි අහිමි වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට වේලාවෙන් සිකුරාදා රාත්‍රී 10.00ට පමණ සිදුවූ මෙම නායයෑම නිසා ෂින්මෝ ගම්මානයේ නිවාස 40ක් පමණ සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බවද ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.
මේ අතර, සිද්ධියෙන් විශාල පිරිසක් අතුරුදන්ව සිටින නිසා මේ ආකාරයෙන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්විය හැකි බවට අනතුරු ඇඟවී ඇති අතර, එසේ අතුරුදන් වූවන් සොයා සිදුකරන මෙහෙයුම් මේ වනවිට ආරම්භ වී ඇති බවද චීන මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
නායයෑමට ලක්වූ කොටස කිලෝමීටර් දෙකකට අධික කොටසක් බවත්, එය අසල ගංගාව දක්වා ඇදෙන බවත් සඳහන් වෙයි.
චීනයේ කඳුකර ප්‍රදේශවල මෙවැනි නායයෑම් සිදුවීම් වරින් වර වාර්තා වන අතර, විශේෂයෙන්ම අධික වර්ෂාවක් පවතින කාලවලදී එවැනි සිදුවීම් සුලභ වෙයි.