දකුණුදිග චීනයේ ෂෙන්සෙන් නගරයේ සිදුවූ දරුණු නායයෑමකින් විපතට පත්වූවන් සොයා දැවැන්ත සෝදිසි මෙහෙයුමක් සිදුවන බව විදෙස් වාර්තා පවසයි.
මෙම නායයෑම හේතුවෙන් විශාල ගොඩනැගිලි 33ක් කැඩී බිඳී ගොස් ඇති බව පැවසෙයි.
සුළු තුවාල සහිතව පුද්ගලයන් හත් දෙනෙකු සුන්බුන් අතරින් බේරාගැනීමට හැකි වුවත්, තවත් පුද්ගලයන් 85 දෙනෙකු අතුරුදන්ව සිටින බව බලධාරීහු පවසති.
කෙසේ වෙතත්, ඒ ආශ්‍රිතව වෙසෙන 900ක පමණ පිරිසක් වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවද පෙන්වා දෙයි.
මෙම නගරය චීනයේ විශාලතම නගරයක් මෙන්ම, කාර්මික ජනපදයක් ලෙසද ප්‍රකටය.
මෙය දකුණුදිග ගුවාන්ග්ඩොන්ග් පළාතේ, හොංකොං දේශසීමා ආසන්නයේ පිහිටි නගරයකි.