චීනයේ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් 8ක් එල්ලා මරති


චීනය තුළ ත්‍රස්ත ප්‍රහාර සිදුකිරීමේ චෝදනාවලට වරදකරුවන් වූ වයඹදිග ෂින්ජිඈන් ප්‍රදේශයේ පුද්ගලයන් 8 දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර ඇති බව චීනයෙන් වාර්තා වෙයි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී චීනයේ ටියැන්නෑන්මන් චතුරස්‍රයේ ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ බවට චෝදනා ලැබූ පුද්ගයන් තිදෙනෙකුද මෙසේ මරණ දණ්ඩලය නියම වූවන් අතර සිටින බව පැවසෙයි.

චීනය තුළ ගෙවුණු මාස කිහිපය ඇතුළත එල්ල වූ ප්‍රහාර ගණනාවක් එරට උයිගුර් බෙදුම්වාදීන් විසින් සැලසුම් කර ඇති බවට චීනය චෝදනා නඟයි.

මේ අතර, මරණ දණ්ඩනයට නියම වූ සෙසු පුද්ගලයන් පොලිස් භටයන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම, බෝම්බ නිෂ්පාදනය, මිනී මැරුම් හා දේපොළ ගිනි තැබීමේ අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වී ඇති බව පැවසෙයි.

 



Recommended Articles