චීනයේ කැරලිකාර ගැටුම් හේතුවෙන් ජීවිත හානි රැසක්


චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 50කට අධික පිරිසක් ඝාතනයට ලක්ව ඇතිබවත්, මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවත් චීනය කියයි.

මෙම සතිය ආරම්භයේදී ලුන්ටායි ආශ්‍රිතව ගැටුම් වාර්තා වූ අතර, නමුත්, මේ වනවිට මියගිය පිරිස් දෙගුණ වී ඇති බවද කියැවෙයි.

මෙම කලාපය උයිගුර් මුස්ලිම් කණ්ඩායම් සිටින ප්‍රදේශයක් වන අතර, මෙහි උයිගුර් ජනවර්ග හා හැන් චීන ජාතිකයන් අතර නිරන්තර ගැටුම් උත්සන්න වෙයි.

මෙම ගැටුම් හේතුවෙන් කැරලිකරුවන් 40ක්, සාමාන්‍ය වැසියන් හය දෙනෙකු සහ පොලිස් නිලධාරීන් හතර දෙනෙකු අද (26දා) වනවිට ජීවිතක්ෂයට පත්ව තිබුණි.



Recommended Articles