චීනයේ කලාපයක රාජ්‍ය සේවකයන්ට රාමදාන් උපවාසය තහනම්


බටහිරදිග චීනයේ ෂින්ජියෑන්ග් පළාතේ රජයේ කාර්යාලවල සේවය කරන මුස්ලිම්වරුන්ට මෙවර රාමදාන් උපවාසය තහනම් කර ඇති බව බී.බී.සී.ය පවසයි.

එහිදී, ඇතැම් රාජ්‍ය ආයතන වෙබ් අඩවි උපුටා දක්වමින් බී.බී.සී.ය පෙන්වා දෙන්නේ උපවාසයට හෝ වෙනත් ආගමික කටයුතුවලට සහභාගි වීමට රජයේ සේවකයන්ට අවසර නොමැති බවයි.

පසුගිය කාලය පුරා මේ කලාපයට එල්ල වූ විවිධ ප්‍රහාර සමග එහි ආරක්ෂාව තර කර ඇති වටපිටාවක මෙම තහනමද පැනවී තිබේ.

මෙම ප්‍රහාර සඳහා බෙදුම්වාදී උග්හුරු මුස්ලිම්වරුන්ට බලධාරීන් චෝදනා එල්ල කරන අතර, ඔවුන් පවසන්නේ තමන් මෙම ප්‍රහාර පිටුපස නොසිටින බවයි.

 



Recommended Articles