චීනයේ එයාර්බස් නිෂ්පාදන වැඩි කිරීමට තීරණය කරයි


චීනය තුළ නිෂ්පාදනය කෙරෙන එයාර්බස් ගුවන් යානා ප්‍රමාණය වැඩි කිරීමට ප්‍රංශය තීර්ණය කර තිබේ.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ චීන සංචාරයට සමගාමීව ඇති කරගත් වෙළෙඳ ගනුදෙනු හරහා මෙම තීරණයට එළැඹ තිබේ.

දින තුනක නිල සංචාරයේදී මැක්රෝන් පවසා සිටියේ ප්‍රංශය මෙන්ම චීනයත් එකිනෙකා අතර වෙළෙඳ ගනුදෙනු සිදුකළ හැකි ආකාරයට ඔවුන්ගේ ආර්ථිකයන් නිදහස් කිරීමට කටයුතු කළ යුතු බවයි.

මේ වනවිට දෙරටේ වෙළෙඳාම අතර අසමතුලිතතාවක් පවතින බව පෙන්වාදෙන ප්‍රංශ ජනපතිවරයා, ඒ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවද වැඩිදුරටත් පවසයි.

1_France

 



Recommended Articles