චීනය සිය දෙවැනි පර්යේෂණ අභ්‍යවකාශ මධ්‍යස්ථානය උඩුගුවනට යැවීම සිදුකර තිබේ.
ටියැන්ගොන්ග් 2 යනුවෙන් නම්කර ඇති මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය රැගත් රොකට්ටුව එරට වේලාවෙන් 15 වැනිදා රාත්‍රී 10.00 ට ගෝබි කාන්තාර ප්‍රදේශය සිට අභ්‍යවකාශගත කර තිබේ.
එමෙන්ම, මෙම මධ්‍යස්ථානය වෙත ලබන මාසයේදී ගගනගාමීන් දෙදෙනෙකු යැවීමටද චීනය බලාපොරොත්තු වෙයි.
චීනය මේ වනවිට අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා වැඩි අවධානයක් යොමුකරමින් සිටින අතර, ඇමෙරිකාව හා රුසියාව විසින් උඩුගුවනට මිනිසුන් රැගෙන යාමෙන් පසුව එම කාර්යයේ යෙදෙන තෙවැනි රට බවට චීනය පත්ව සිටී.
2011 වසරේදී ටියැන්ගොන්ග් 1 පරීක්ෂණ මධ්‍යස්ථානය උඩුගුවනට යැවුණු අතර, එය ප්‍රමාණයෙන් මීට වඩා කුඩා වූවකි.