මහජන චීන හමුදාව තවදුරටත් නවීකරණය කරමින් චීනයේ නිෂ්පාදිත නවතම යුද නෞකාවක් එළිදැක්වීම සිදුව තිබේ.
පසුගිය අප්‍රේල් මාසයේදී චීනය විසින්ම නිෂ්පාදිත එරට ප්‍රථම ගුවන් යානා හාරක නෞකාව එළිදැක්වීමෙන් අනතුරුව මේ ආකාරයෙන් තවත් ප්‍රබල යුද නෞකාවක් ඔවුන් එළිදක්වා තිබේ.
දකුණු චීන මුහුදේ ඇතිවී තිබෙන අර්බුදකාරී වාතාවරණය තුළ චීනය තම නාවික ශක්තිය දිනෙන් දින වැඩිදියුණු කරමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ටොන් 10,000ක් බර මෙම නවතම යුද නෞකාව ඔවුන්ගේ ඉදිරි යුද නෞකා සඳහා වූ පර්යේෂණ නෞකාවක් ලෙසද සැලකෙයි.
මෙම යුද නෞකාව නවතම ගුවන් ආරක්ෂණ පද්ධතියක්, මිසයිල නාශක අවි, නෞකා සහ සබ්මැරීන් නාශක අවිවලින් සන්නද්ධ බවද සඳහන් වෙයි.