චීනයත් උතුරු කොරියාවට සම්බාධක දමයි


න්‍යෂ්ටික වැඩපිළිවෙළ හේතුවෙන් ලෝකයේ දෝෂදර්ශනයට ලක්ව සිටින උතුරු කොරියාව වෙත සම්බාධක පැනවීමට චීනයද කටයුතු කර තිබේ.

උතුරු කොරියාවේ සමීපතමයෙකු ලෙස කටයුතු කළද ඔවුන් මෑතකදී සිදුකළ මිසයිල අත්හදා බැලීම චීනයේද විවේචනයට බඳුන් විය.

ඒ අනුව, මෙම නව සම්බාධක යටතේ එරටින් නිමි ඇඳුම් මිලදී ගැනීම අත්හිටුවීමට චීනය පියවර ගෙන තිබේ.

මීට අමතරව, උතුරු කෙරියාව වෙත සිදුකෙරෙන ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනය ක්‍රමයෙන් අත්හිටුවීමටද චීනය සූදානම් බව වාර්තා වෙයි.

ලෝකයේ දැවැන්ත වෙළෙඳ පොළක් ලෙස සැලකෙන චීන වෙළෙඳ පොළ මේ ආකාරයෙන් උතුරු කොරියාවට අහිමි වීම ඔවුන්ට දැරිය නොහැකි පාඩුවක් වන බව විදෙස් වාර්තා පවසයි.

එහිදී, විශේෂයෙන්ම ඇඟලුම් අපනයන තහනම උතුරු කොරියානු බලාධිකාරයට තදින්ම දැනෙන සම්බාධකයක් වනු ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

1_Chinese impose 2



Recommended Articles