චීනයට එරෙහිව ගිය ලියෝ ෂියාබෝ සිය දිවියට සමුදෙයි


නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ චීනයේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රමුඛ පෙළෙහි නීතිවේදියෙකු වූ ලියෝ ෂියාබෝ දිවියෙන් සමුගෙන තිබේ.

චීනයේ පවතින තනි පක්ෂ ක්‍රමය අවසන් කළ යුතු බවට අන්තර්ජාල පෙත්සමක් පළ කිරීම හේතුවෙන් සිරගත කර සිටි ඔහු, මියයන විට 61 වැනි වියෙහි පසුවිය.

විශ්වවිද්‍යාල මහාචාර්වරයෙකු ලෙසද කටයුතු කර ඇති ඔහු, බන්ධනාගාරයේ සිට පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

සාමාන්‍යයෙන් මෙවැනි මානව හිමිකම් ක්‍රියාධරයන් කෙරෙහි බටහිර රටවල අනුකම්පාව හිමිවීම සාමාන්‍ය සිදුවීමක් වන අතර, ඔවුන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලීමද බොහෝ විට සිදුවන්නකි.

ඒ අනුව, යමින් මොහුට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වීමට අවසර ලබාදෙන ලෙසද බටහිර රටවල් සහ මානව හිමිකම් සංවිධාන බීජිං පාලනයෙන් ඉල්ලා තිබූ බවද කියැවෙයි.

එමෙන්ම, ඇමෙරිකාව ප්‍රමුඛ ලෝකයේ බටහිර රාජ්‍යයන්ට අභියෝගයක් වෙමින් වේගවත් ආර්ථික වර්ධනක් ලබාසිටින චීනයට එරෙහිව නැගීසිටින ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් නොබෙල් සාම ත්‍යාග පවා ලබාගත හැකි බව චීන මාධ්‍ය පෙන්වාදෙන කරුණකි.



Recommended Articles