චිලියේ වියළිම කලාපයකට දැඩි ගංවතුර තත්ත්වයක්


ලෝකයේ වඩාත්ම වියළි කාලගුණයක් සහිත චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාර ප්‍රදේශය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇති වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 24 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ජල ගැලීම් හේතුවෙන් මේ වනවිට ප්‍රදේශයේ ජල හෝ විදුලි පහසුකම් ඇණහිට ඇති බවත්, අන්දීස් ආශ්‍රිතව ඇති වූ දැඩි වර්ෂාපතනය හේතුවෙන් පහළ ඇති නගර හා සානු ආශ්‍රිතව මෙම ගංවතුර තත්ත්වය ඇති වී තිබේ.

කෝපිආපෝ නගරාසන්නයේ වූ ගංගා පිටාර ගලමින් පවතින බවත්, ගංවතුර හේතුවෙන් අවතැන් වූ පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවන බවත් කියැවෙයි.

මේ අතර, ගංවතුර සමග නායයෑම් සිදුවීමේ අවදානමක්ද පවතින බැවින්, හෙලිකොප්ටර් යොදාගෙන අවතැන් වූවන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යමින් පවතින බව කියයි.

එරට කාලගුණ අංශ පෙන්වා දෙන්නේ තවත් තද වැසි ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බවයි.



Recommended Articles