චිලියේ භූකම්පනය අතරතුර සිරකරුවන් 300ක් මාරුවෙයි


චිලී රාජ්‍යයට බලපෑ රික්ටර් මාපාංක 8.2ක භූකම්පනයත් සමග ඒ ආසන්නතම වරාය නගරය වූ ඉක්වීක් නගරයේ බන්ධනාගාරයක සිටි සිරකරුවන් 300ක් පමණ පළාගොස් ඇති බව වාර්තා වෙයි.

බලධාරීන් පෙන්වා දෙන පරිදි කාන්තාවන් පිරිසක් මෙසේ පළාගොස් ඇති අතර, තත්ත්වය පාලනය කරමින්, පැනගිය සිරකාරියන් අල්ලා ගැනීම වෙනුවෙන් මේ වනවිට ප්‍රදේශයට හමුදාව යොදවා ඇති බවද වාරතා වෙයි.

මේ අතර, චිලී ජනාධිපති මිෂෙල්ලේ බැචෙලෙට් භූකම්පනයට මුහුණ දුන් කලාප ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, ජනාධිපතිවරයා එම කලාපවල සංචාරයක නිරත වනු ඇති බවද පැවසෙයි.

කෙසේ වෙතත් භූකම්පනය අවස්ථාවේදී මෙම රැඳවියන් පිරිස සිරකඳවුරෙන් පැනගිය ආකාරය පිළිබඳ පැහැදිලි තොරතුරක් නොමැති බවද කියැවෙයි.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රොඩ්‍රිගෝ පෙනයිලිල්ලෝ පවසා සිටියේ මෙසේ පැනගිය සිරකාරියන් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදුවන බවයි.



Recommended Articles