චිලියේ දරුණු නායයෑමක් මරණ 5ක් - 15ක් අතුරුදන්


දකුණුදිග චිලියට බලපෑ දැඩි වර්ෂාපතනයත් සමග පස් කඳු නායයෑමෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 15කට වැඩි පිරිසක් අතුරුදන්ව තිබේ.

විලා සැන්ටා ලුසියා ගම්මානය මෙම නායයෑමෙන් බරපතළ හානි සිදුව ඇති ප්‍රදේශය වන අතර, එහි නිවාස රැසක් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ප්‍රදේශය වෙත හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ජනපති මිචෙල් බැචලට් කටයුතු කර ඇත.

මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දහස් ගණන් පිරිසක් අඳුරේ පසුවන අතර, බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති බව කියැවෙයි.

නායයෑමෙන් හානියට පත් ප්‍රදේශ වෙත කඩිනම් සහන කණ්ඩායම් යොදවා මුදා ගැනීම් සිදුකිරීමටද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

1_Chili 2. 3



Recommended Articles