චිලියේ තල්මස් සොහොන වසර මිලියන 5ක් පැරැණියි


මෑත ඉතිහාසයේ සොයා ගැනුණු සුවිශේෂී සොයාගැනීමක් ලෙස හතලිස් ගණනකට වැඩි තල්මසුන්ගේ පොසිල තැන්පත්ව ඇති චිලී රාජ්‍යයේ පෑන්-ඇමෙරිකන් අධිවේගී මාර්ගය ආසන්නයේ වූ තල්මස් සොහොන හැඳින්විය හැකිය.

මීට වසර මිලියන පහකට පමණ ඉහතදී එම තල්මසුන් ඇතැම් විට විෂ සහිත ශාකවලින් පිට කෙරෙන දිලීරයක් ශරීරගත වීම හේතුවෙන් රංචු පිටින් මිය යෑම නිසා මෙසේ තල්මස් සුසාන භූමියක් සැකසී ඇති බව විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති.

කෙසේ වෙතත් මේ අසාමාන්‍ය පොසිල හමුවීමට හේතු සාධක තවදුරටත් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි විද්‍යාඥයෝ පවසති. ඉදිකිරීම් කම්කරුවන් විසින් මීට වසර තුනකට පෙර මාර්ගයක් පුළුල් කිරීමේ යෙදී සිටියදී එම පොසිල මුලින්ම සොයා ගෙන තිබේ.

මෙම පොසිල හමු වූ ස්ථානය අසල පිහිටි ඉඩම්වල දස දහස් ගණන් ක්ෂීරපායී සතුන්ගේ ඇටකටු තිබිය හැකි බවටද විද්‍යාඥයන් විසින් විශ්වාසය පළ කරන ලදී.



Recommended Articles