චිලියේ, සැන්තියාගෝ අගනුවරට අසාමාන්‍ය හිම පතනයක් ඇතිවීම නිසා සාමාන්‍ය ජනජීවිතය අඩාල වී, විදුලි බලය ඇණහිටීමෙන් බොහෝ දෙනා අඳුරේ ගත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම හිම පතනයත් සමග සිදුවූ විදුලි බලය ඇණහිටීම නිසා පුද්ගලයන් 250,000ක් පමණ අඳුරේ සිට ඇති අතර, හිම පතනය හේතුවෙන් විදුලි කම්බි මතට ගස් කඩා වැටීම මීට හේතුව බව බලධාරීහු පවසති.
එමෙන්ම, මෙම අවස්ථාවේදී හිම ඉවත්කිරීමට කටයුතු කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයන් දෙදෙනෙකු විදුලි කම්බි කඩා වැටීම හේතුවෙන් තුවාල වී තිබේ.
චිලී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව වර්ෂ 2007 න් පසුව එරටට වාර්තා වූ ඉහළම හිම පතනය ලෙස මෙය ගණනය කර තිබේ.
චිලී අගනුවර සහ අවට ප්‍රදේශ ආශ්‍රිතව අසාමාන්‍ය සීතලක්ද ඇති කරමින් මෙම හිම පතනය සිදුව ඇති බව ඔවුහු පෙන්වා දෙති.