චිබොක් දැරියන් දෙදෙනකුට ට්‍රම්ප් හමුවීමට අවස්ථාවක්


නයිජීරියානු බොකෝ හරාම් ත්‍රස්ත ග්‍රහණයේ සිට නිදහස ලැබූ චිබොක් දැරියන් අතරින් දෙදෙනෙකුට ඇමෙරිකානු ධවල මන්දිරයේදී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට අවස්ථාව හිමිවී තිබේ.

ජෝයි බිෂාරා සහ ලයිඩියා පෝගු යන මෙම දැරියන් දෙදෙනාගේ හමුව පිළිබඳ නිල ප්‍රකාශයක් ධවල මන්දිරය නිකුත් කර නොතිබුණද, මෙම සුවිශේෂී අවස්ථාවට ට්‍රම්ප් දියණිය ඉවන්කාද සම්බන්ධ වී ඇත.

කෙසේ වෙතත්, මෙම ඡායාරූපය ධවල මන්දිර වෙබ් අඩවියේ පළ කරමින්, එය දවසේ ඡායාරූපය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

2014 වසර්දී නයිජීරියාවේ, බ්‍රෝනෝ හි චිබොක් රජයේ පාසලකදී දැරියන් 276 දෙනෙකු බොකෝ හරාම් ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්තයන් විසින් පැහැරගනු ලැබූ අතර, පසුව සිය ත්‍රස්තයන් පිරිසක් නිදහස් කිරීමේ පදනම මත ඉන් දැරියන් 82 දෙනෙකු නිදහස් කිරීමට ඔවුහු කටයුතු කළහ.

කෙසේ වෙතත්, එසේ නිදහස ලැබූ ඇතැම් දැරියන් මවුවරුන් ලෙසත්, තවත් අය ගැබිණියන් ලෙසත් පැමිණි අතර, ඔවුන්ට ත්‍රස්තයන්ගේ පහත් ආශාවන් මුසපත් කිරීමටද එම කාලය තුළ සිදුවූ බව එම දැරියන් පාපොච්චාරණය කර තිබුණි.

ට්‍රම්ප් මුණ ගැසීමට පැමිණි මෙම දැරියන් දෙදෙනා මේ වනවිට ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනය හදාරන බව විදෙස් වාර්තා පවසයි.



Recommended Articles