ගෝතමාලා සිටි නගරය ආසන්නයේ වූ පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම අනතුර හේතුවෙන් තවත් සිය ගණනක් අතුරුදන්ව සිටීම නිසා මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බව බලධාරීහු පවසති.
පස් කන්දට යටවීමෙන් නිවාස රැසක් පස්වලට යටවීම හේතුවෙන් අනතුර වඩාත් බරපතල තත්ත්වයේ බවද බලධාරීහු පවසති.
දින කිහිපයක් තිස්සේ බලපෑ අධික වර්ෂාව මෙම අනතුරට හේතුව බවත්, විශාල පස් කන්දක් සම්පූරණයෙන්ම පාහේ නගරයෙන් කොටසක් යටකර ඇති බවත් කාලගුණ බලධාරීන් පවසයි.